header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
අමෙරිකාව විසින් යෝජනා කර ඇති බද්ද මඟහරවා ගැනීමට කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කරයි
Jun 18, 202604:02 PM
අමෙරිකාව විසින් යෝජනා කර ඇති බද්ද මඟහරවා ගැනීමට කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කරයි
Mobitel 1278

අමෙරිකාව විසින් යෝජනා කර ඇති සියයට 12.5ක නව වෙළෙඳ බද්ද මඟහරවා ගැනීම සඳහා රජය පවතින කම්කරු හා රේගු ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රොයිටස් පුවත් සේවය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

බලහත්කාර ශ්‍රමය යොදා නිෂ්පාදනය කළ ආනයනික භාණ්ඩ හඳුනාගැනීම සඳහා රේගු පරීක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගන්නා බවද මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර, ප්‍රධාන වශයෙන් ඇඟලුම් අපනයන සඳහා වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න වටිනාකමක වෙළෙඳාමක් සිදු කෙරේ.

යෝජිත නව අමෙරිකානු බදු ක්‍රමය යටතේ රටවල් 60කට පමණ සියයට 12.5 දක්වා බදු පැනවීමට යෝජනා වී ඇති අතර, ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් බව වාර්තා වේ.

එම බදු අනුපාතය බංග්ලාදේශය සහ පාකිස්තානයට යෝජිත සියයට 10ක බද්දට වඩා ඉහළ අගයකි.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 5ක අපනයන ආදායමක් උපයා ඇති අතර, එම ක්ෂේත්‍රයේ සේවකයන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටිති.

අමෙරිකානු බලධාරීන් විසින් මතුකර ඇති බලහත්කාර ශ්‍රමය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රේගු පරීක්ෂණ ක්‍රමවේද වැඩිදියුණු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් සහ හිංසනයෙන් තොර සේවා පරිසරයක වැඩ කිරීමේ අයිතිය තහවුරු කරන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) C190 සම්මුතිය ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකාව කටයුතු කරන බව ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) සමඟ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වෙන නමුත්, එහි නිලධාරීන් හමුවීම සඳහා මේ වන විට අමෙරිකාවට සංචාරය කිරීමට සැලසුමක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජුනි 03 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණි.

බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, කැනඩාව, මෙක්සිකෝව, පකිස්තානය, බංග්ලාදේශය, මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 45ක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇත.

ජුනි 03 වනදා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10 සිට සියයට 12.5 දක්වා අතිරේක ආනයන බදු පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණි.

බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම සහ එමගින් අමෙරිකානු වෙළෙඳ කටයුතුවලට අසාධාරණ බලපෑම් එල්ල වන බව පෙන්වා දෙමින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කැනඩාව, මෙක්සිකෝව, පාකිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් පැනවීමට යෝජනා කර ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් යෝජනා කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ