header logo
SLIC
උණුසුම් පුවත්
තෙල්දෙණියේදී මෝටර් රථයක් තුළ මියගොස් සිටියේ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක්
Jun 18, 202612:28 PM
තෙල්දෙණියේදී මෝටර් රථයක් තුළ මියගොස් සිටියේ අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක්
Mobitel 1278

තෙල්දෙණිය ප්‍රදේශයේ මෝටර් රථයක තිබී සොයාගත් කාන්තා මළසිරුර සම්බන්ධයෙන් තවත් කරුණු අනාවරණය කරගැනීමට පොලිසිය සමත්වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙන පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ඇය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් බවය.

මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ ඇයගේ පෙම්වතා විසින් සිරුර මෝටර් රථයකින් රැගෙනවිත් එය තෙල්දෙණියේ ස්ථානයක දමා පලාගොස් ඇති බවටය.

ඒ අනුව තෙල්දෙණිය රෝහල අසල ස්ථානයක මෝටර් රථයක් තුළ නාඳුනන මළසිරුරක් ඇති බවට ඊයේ (17) පස්වරු 2ට පමණ තෙල්දෙණිය පොලිසියට නාඳුනන පුද්ගලයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.

පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ සිදුකළ පරික්ෂා කිරීමේදී අගුලුදැමූ මෝටර් රථයක් තුළ මළසිරුරක් තිබෙන අයුරු නිරීක්ෂණය කර තිබේ.

අනතුරුව පොලිසිය එම රථයේ දොර කඩා ඇයගේ සිරුර පිටතට ගෙන පරීක්ෂා කරනු ලැබීය.

එහිදී අනාවරණයවී ඇත්තේ අදාළ කාන්තාව අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියක් ලෙස සේවය කළ 33න් හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවය.

ඇය ඉකුත් ජුනි 3 වැනිදා සිට ජුනි 16 වැනිදා දක්වා නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති බවටද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව අදාළ හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී සිහිසුන්වී සිටින එම කාන්තාව ඇයගේ පෙම්වතා විසින් රැගෙන යන අයුරු පටිගතවී තිබේ.

මේ අතර, තෙල්දෙණිය පොලිස් ස්ථානයට ඇයගේ මෘතශරීරය පිළිබඳව දැනුම්දීම සිදුකර ඇත්තේ, මියගිය කාන්තාවගේ පෙම්වතා බවට සැලකෙන පුද්ගලයා විසින් බවද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත.

කෙසේවෙතත් එම පුද්ගලයා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු සොයා නුවරඑළිය පොලිසිය විමර්ශන සිදුකරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘතශරීරය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා තෙල්දෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මෙය මනුෂ්‍ය ඝාතනයක් ද නොඑසේනම් වෙනත් ආකාරයකින් සිදුවූ මරණයක් ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව