රුපියලේ අගය ටිකෙන් ටික ශක්තිමත් වෙයි

රුපියලේ අගය ටිකෙන් ටික ශක්තිමත් වෙයි

June 18, 2026   11:45 am

මහ බැංකුව විසින් අද (18) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.18ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 339.06ක් ලෙස සටහන් වී තිබේ.

කෙසේවෙතත්, අද දිනයේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල දෛනික විනිමය අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් වාර්තා වී ඇත.

මේ වනවිට විවිධ බැංකු අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 338 සිට රුපියල් 339 දක්වා මිල පරාසයක පවතින බව සඳහන්වේ.

ඒ අනුව අද (18) පෙරවරුවේ දී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක් විසින් එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.

ලංකා බැංකුව - රු. 329.75 - රු. 338.75

මහජන බැංකුව - රු. 328.13 - රු. 338.46

සම්පත් බැංකුව - රු. 327.69 - රු. 338.50

කොමර්ෂල් බැංකුව - රු. 328.06 - රු. 338.00    

HNB - රු. 329.50 - රු. 339.00

සෙලාන් බැංකුව - රු. 329.25 - රු. 339.5

2026 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7කින් අවප්‍රමාණය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මීට පෙර ප්‍රකාශ කළේ.

2026 පෙබරවාරි අගභාගයේ සිට මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දී ඇත.

ඒ අනුව,  අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 354 ඉක්මවා ගොස් තිබුණි.

පසුගිය මැයි 12 වනදා එය සටහන් වී තිබුණේ රුපියල් 354.03ක් ලෙසය.