header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
පීසා පෙට්ටියකින් කොටු වූ දාම ඝාතකයා - අමෙරිකාවේ අධිකරණයකින් ඓතිහාසික තීන්දුවක්
Jun 17, 202609:49 PM
පීසා පෙට්ටියකින් කොටු වූ දාම ඝාතකයා - අමෙරිකාවේ අධිකරණයකින් ඓතිහාසික තීන්දුවක්
Mobitel 1278

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් හි වෙරළ තීරය දී කාන්තාවන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ‘රෙක්ස් හියුයර්මන් නමැති පුද්ගලයා ජීවිතාන්තය දක්වා ලිහිල් නොවන සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණය පියවර ගෙන තිබේ.

දිගු කලක සිට ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරු අමතා පවසා ඇත්තේ "ඔබ ඉතාමත් පිළිකුල් සහගත, නින්දිත, පහත් මිනිසෙක්. මොහුව මෙතනින් රැගෙන යන්න!" යනුවෙනි.

62 හැවිරිදි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ රෙක්ස් හියුයර්මන් වෙත අධිකරණය විසින් උපරිම දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පළමු පෙළ මිනීමැරුම් චෝදනා 3ක් සඳහා එකිනෙකට පසුව ක්‍රියාත්මක වන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 3ක්.

දෙවන පෙළ මිනීමැරුම් චෝදනා 4ක් සඳහා තවත් වසර 25ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 4ක්.

ඒ අනුව ඔහුට සිය ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම බන්ධනාගාරය තුළම ගත කිරීමට සිදුවන බව සඳහන්වේ.
‍
මෙම ඝාතන 1993 සහ 2010 අතර කාලය තුළ සිදු වී තිබුණද, ඇතැම් මියගිය කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් වීම හේතුවෙන් පොලීසිය මුල් කාලයේදී මේ පිළිබඳව දැඩි උනන්දුවකින් විමර්ශන සිදු නොකළ බවට වින්දිතයන්ගේ පවුල්වලින් සහ ප්‍රදේශවාසීන්ගෙන් දැඩි චෝදනා එල්ලව ඇත.

කෙසේ වෙතත්, 2022 වසරේදී පිහිටුවන ලද විශේෂ කාර්ය සාධක බලකායක් මඟින්, 2010 වසරේදී සාක්ෂිකරුවෙකු විසින් සැකසහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලබා දී තිබූ සක්ෂි සහ ට්‍රක් රථයක් පිළිබඳ තොරතුර ඔස්සේ විමර්ශන පවත්වා සති 6ක් ඇතුළත හියුයර්මන්ව හඳුනා ගැනීමට සමත් ව ඇත.

පසුව 2023 වසරේදී, ඔහු විසින් අනුභව කර ඉවත දමා තිබූ පීසා පෙට්ටියක තිබූ DNA සාම්පල ආශ්‍රයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

මුලින් තමා නිවැරදිකරු යැයි පැවසුවද, අවසානයේදී හියුයර්මන් විසින් තමා කාන්තාවන් අට දෙනෙකු ගෙල සිරකර ඝාතනය කර සිරුරු වෙරළේ දමාගිය බව පිළිගත් බව සඳහන් වේ.

තීන්දුවට පෙර කෙටි ප්‍රකාශයක් කළ ඔහු, තමා කළ වැරදි පිළිගන්නා බවත්, මේ අවස්ථාවේදී තම වචනවලින් පලක් නොවන බවත් ප්‍රකාශ කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ