උස්වැටකෙයියාව වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

උස්වැටකෙයියාව වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

June 14, 2026   10:00 am


පමුණුගම, උස්වැටකෙයියාව වෙරළ තීරයට නාඳුනන මෘත ශරීරයක් ගොඩ ගසා ඇති බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
 
අදාළ පුද්ගලයා වයස අවුරුදු 40 – 45ක් පමණ වන පිරිමි පුද්ගලයෙක් වන අතර උස අඩි 05 අඟල් 03ක් පමණ වන අයෙකු බව සඳහන්.

එමෙන්ම ඔහු කොණ්ඩය කොටට කපා ඇති අතර කොළ පැහැති ටී ෂර්ටයක්, නිල් හා සුදු පැහැ මිශ්‍ර සරමක් හැඳ සිට ඇති බව වාර්තා වේ.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර අති අතර පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.