විදුලි සැර වැදී වනඅලින් දෙදෙනෙකු මරුට

විදුලි සැර වැදී වනඅලින් දෙදෙනෙකු මරුට

June 14, 2026   10:20 am

බුත්තල - ඔක්කම්පිටිය ප්‍රදේශයේ විදුලි සැර වැදීමෙන් වනඅලීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. 

උක්ගස් වගා බිමකට නීතිවිරෝධි අයුරින් ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙම සතුන් දෙදෙනා මිය ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැකපල කරයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ, වයස අවුරුදු එකක සහ අවුරුදු විස්සක පමණ අලි දෙදෙනෙකි. 

සිද්ධියට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වනඅලි දෙදෙනාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (14) සිදුකිරීමට නියමිතය.

වැඩිදුර විමර්ශන ඔක්කම්පිටය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මොනරාගල වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව සිදුකරයි.