ළිඳක තිබී  මළ සිරුරක් හමුවෙයි

ළිඳක තිබී මළ සිරුරක් හමුවෙයි

June 14, 2026   09:32 am

මාවතගම, පරගහදෙනිය ප්‍රදේශයේ දී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මාවතගම පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ මෙහෙයුමක දී මෙම මළසිරුර සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසීය.

එම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිහිටි භාවිතයට නොගන්නා ළිඳක් තුළ තිබී අදාළ මළසිරුර සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි මාවතගම, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර‍යි.