header logo
SLIC
උණුසුම් පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන තීරණයක් ගෙන නෑ
Jun 09, 202603:10 PM
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන තීරණයක් ගෙන නෑ
EDEX

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම සඳහා මෙතෙක් රජය තුළ සාකච්ඡාවක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (09) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ රජය ඒ පිළිබඳව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති නමුත් විවිධ වෘත්තිකයින්ගෙන් මේ සඳහා යෝජනා පැමිණ ඇති බවය.

කෙසේ නමුත් විවිධ වෘත්තිකයින් කොවිඩ් කාලසීමාවේදී රට හැර ගොස් තිබූ බවත් වෘත්තිකයින් සම්බන්ධව අවධානය යොමු කරමින් මින් පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක් ආණ්ඩුව තුළ තාම නෑ. නමුත් විවිධ වෘත්තික කණ්ඩායම් තුළ විශ්‍රාම යන වයස ඉහළ දැමීම සඳහා වන යෝජනා ඇවිත් තියෙනවා. ඒකට හේතු කිහිපයක් බලපාලා තියෙනවා එකක් තමයි අපේ රටෙත් උපතේදී අපේක්ෂිත ආයු කාලය වැඩිවෙලා තියෙනවා, කොවිඩ් සමයේදී වෘත්තිකයින් රැසක් රට හැර ගියා මේ ආදි කරුණු නිසා සහ මේ අයගේ අත්දැකීම් යන කරුණු මත රාජ්‍ය සේවයේ තව කාලයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවාද කියන එක වෘත්තිකයින්ගේ පැත්තෙන් ඇවිත් තිබෙනවා. මීට කලින් සෞඛ්‍ය අමාත්‍යාංශය අපි තීන්දුවක් ගත්තා අපේ රටේ විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස් සීමාව අවුරුදු 60-63 දක්වා දීර්ඝ කළා. තවත් වෘත්තිකයින්ගේ ඉල්ලීම් තිබෙනවා. නමුත් විශේෂයෙන් විනිසුරුවරුන් සම්බන්ධයෙන් එහෙම තීරණයක් ගෙන නෑ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට