header logo
SLIC
උණුසුම් පුවත්
චීන ජනපතිට කිම් ජොන්ගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ උණුසුම් පිළිගැනීමක්
Jun 09, 202608:52 AM
චීන ජනපතිට කිම් ජොන්ගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ උණුසුම් පිළිගැනීමක්
EDEX

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද, චීනයත් උතුරු කොරියාවත් අතර පොදු යහපත හා පොදු උපායමාර්ගික තත්ත්වයන් ආරක්ෂා කිරීම වෙනස් නොවන බව ජනපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

උතුරු කොරියාවේ දෙදින රාජ්‍ය සංචාරයකට එක්ව සිටින චීන ජනපතිවරයා ඊයේ (08) පියොංග්යැංග් අගනුව‍ර දී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා හමුවෙමින් මේ අදහස් පළ කළේය.

කොමියුනිස්ට් පක්ෂ නායකත්වයෙන් යුත් සමාජවාදී රටවල් දෙකක් ලෙසින් චීනයත් උතුරු කොරියාවත් අතර ගැඹුරු සාම්ප්‍රදායික මිත්‍රත්වයක් පවතින බව පෙන්වා දුන් ෂී ජින්පිං මහතා එහිදී කියා සිටියේ, ද්විපාර්ශ්වික සබඳතා රැකගැනීමටත්, කිම් ජොන් උන් මහතාගේ නායකත්වය යටතේ උතුරු කොරියාවේ ක්‍රියාත්මක සමාජවාදී ක්‍රමයට සහාය වීමත් චීනය අඛණ්ඩව සිදුකරනු ඇති බවය.

මෙහිදී අදහස් දක්වමින් උතුරු කොරියානු නායකයා පැවසුවේ, වසර 07කට පසු චීන ජනාධිපතිවරයා යළි උතුරු කොරියාවට පැමිණීමත්, විශේෂයෙන් මේ වසරේ පළමු විදේශ සංචාරය සඳහා චීන ජනාධිපතිවරයා උතුරු කොරියාව තෝරාගෙන තිබීමත් තම රටට මහත් ගෞරවයක් බවය.

එමෙන්ම නව යුගයේ උතුරු කොරියා- චීන මිත්‍රත්වය ශක්තිමත් කිරීම, උතුරු කොරියාවේ වෙනස් නොවන උපායමාර්ගික තෝරා ගැනීමක් බව ද කිම් ජොන් උන් මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම හමුවෙන් අනතුරුව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ එම ආර්යාව වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ Peng Liyuan ආර්යාව පිළිගනිමින් ඊයේ (08) රාත්‍රියේ පියොංග්යැංග් ක්‍රීඩාංගනයේදී විශේෂ සංස්කෘතික ප්‍රසංගයක් ද පැවැත්විණ.

එම අවස්ථාවට ද උතුරු කොරියානු නායකයා සහ එම ආර්යාව එක්විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට