රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයට යුක්රේනයෙන් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක්
June 6, 2026 06:34 pm
රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයට සහ ඒ අවට ප්‍රදේශයට යුක්රේනය විසින් දරුණු ඩ්‍රොන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් යුක්රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියානු ප්‍රහාරවලට සාධාරණ ප්‍රතිචාරයක් ලෙස තම හමුදා රුසියාවේ අවි ගබඩා සහ නාවික කඳවුරකට පහරදුන් බවය.
යුද්ධය අවසන් කිරීම සඳහා සෘජු සාකච්ඡාවක් ඉල්ලා සිටි යුක්රේනක ජනාධිපතිවරයාට හමුවීමෙන් පලක් නොමැති බව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කර දිනක් ගතවීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
මේ අතර රුසියාවේ ලෙනින්ග්‍රෑඩ් කලාපයේ ආණ්ඩුකාර ඇලෙක්සැන්ඩර් ඩ්‍රොස්ඩෙන්කෝ පවසා ඇත්තේ කලාපයට ඉහළින් ඩ්‍රෝන යානා 140කට වැඩි ප්‍රමාණයක් වෙඩි තබා බිම හෙළූ බවය.
මේ අතර කලාපයේ නිවැසියන්ට ආරක්ෂිතව නිවෙස් තුළ සිටින ලෙසද ඔහු දන්වා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
