header logo
SLIC
සයුරෙන් එතෙර
මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
Jun 05, 202609:14 AM
මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
EDEX

යුක්‍රේන - රුසියා යුද්ධය අවසන් කිරීමේ නවතම පියවරක් ලෙස යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යොමු කර තිබේ.

රුසියාව ද එම ලිපිය ලැබුණු බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපති පුටින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර ඇත.

අදාළ ලිපිය මඟින් යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, යුරෝපයේ පවතින මෙම යුද්ධය දෙස අමෙරිකාවේ අවධානය යොමුවන තෙක් බලා සිටීම නිශ්ඵල ක්‍රියාවක් බවය.

සාමය උදාකර ගත හැක්කේ යුක්‍රේනය සහ රුසියාව අතර සෘජු මැදිහත්වීමකින් පමණක් බව පවසන සෙලෙන්ස්කි, ඒ සඳහා ජනාධිපති පුටින්ගෙන් මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා සිටියි.

මෙම සාකච්ඡා ස්විට්සර්ලන්තය හෝ තුර්කිය වැනි මධ්‍යස්ථ රටක පැවැත්විය හැකි බවට ද ඔහු යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙර යෝජිත සාකච්ඡා කාලසීමාවන් සඳහා පූර්ණ සටන් විරාමයක් ඉල්ලා සිටි අවස්ථාවලදී රුසියාව එය ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ අතර මෙම නායකයන් දෙදෙනා සාකච්ඡා සඳහා මුණගැසෙන්නේ නම් එය 'ඉතා හොඳ' පියවරක් වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊයේ ප්‍රකාශ කළේය.

යුක්‍රේන නායකයා රුසියානු ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි පළමු අවස්ථාව මෙය නොවේ.

මීට පෙර අවස්ථාවලදී ද රුසියාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, සෙලෙන්ස්කි ජනාධිපතිවරයාට මොස්කව් නුවරදී පුටින් හමුවීමට පැමිණිය හැකි බවයි.

ජනාධිපති පුටින්ගේ ස්ථාවරය වී ඇත්තේ, දැනට රුසියාව විසින් අර්ධ වශයෙන් අත්පත් කරගෙන සිටින ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සන් සහ සපොරිෂියා යන යුක්‍රේන කලාප හතරෙන් යුක්‍රේන හමුදා ඉවත් විය යුතු බවය.

එමෙන්ම යුක්‍රේනය නේටෝ (NATO) සංවිධානයට බැඳීමේ උත්සාහය ද අත්හැරිය යුතු බවට යෝජනා කර ඇත.

කෙසේ වෙතත් යුක්‍රේනය තම භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට