සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

සුව සැරිය හදිසි ගිලන් රථ සේවාවෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

June 3, 2026   04:47 pm

1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වන බවට එම ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය නිරීක්ෂණය කර ඇත. 

එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් බව නිවේදනයක් නිකුත් කරමින් එහි පාලන අධිකාරිය දැනුම් දී තිබේ.

මෙය ජනතාව නොමග යන සුළු ප්‍රවෘත්තියක් බව, 1990 හදිසි ගිලන් රථ සේවාවේ සභාපති ඇතුළු පාලක මණ්ඩලය අවධාරණය කරයි.

1990 හදිසි ගිලන් රථ සේවාව දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්තමකවන අතර, සුපුරුදු අයුරින් අදාළ සේවාවන් වඩා උසස් සහ කාර්යක්ෂම අයුරින් ඉටු කරනු ලබන බව ද එම නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.