කිරිඇල්ලේ වෙඩි තැබීමක්
June 3, 2026 11:31 am
කිරිඇල්ල මාටුවාගල මුදුන්කොටුව ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලීසිය සඳහන් කළේ, දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමදී එක් පාර්ශ්වයක පුද්ගලයෙකු විසින් අහසට වෙඩිතබා ඇති බවය.
පිස්තෝල වර්ගයේ රිවෝල්වරයක් අදාළ වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.
කෙසේ වෙතත් දෙපාර්ශ්වය අතර සිදු වූ ගැටුම හේතුවෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රත්නපුර රෝහල වෙත ඇතුළත් කර තිබේ.
සිද්ධියට අදාළව වෙඩි තැබීම සිදුකළ රිවෝල්වරය සහ සැකකරුවෙකු කිරිඇල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකුරු රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
