වසර 100,000ක් පුරා පිරිමි සතුන් නොමැතිව ජීවත්වන මත්ස්‍ය වර්ගයක්

වසර 100,000ක් පුරා පිරිමි සතුන් නොමැතිව ජීවත්වන මත්ස්‍ය වර්ගයක්

June 3, 2026   12:00 pm

සාමාන්‍යයෙන් ජීව විද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුව පිරිමි සතුන් නොමැතිව, ලිංගික ප්‍රජනනයකින් තොරව බෝවන ජීවීන් කාලයත් සමඟ වඳ වී යා යුතුය. 

නම්ත් 'ඇමසන් මොලි' (Amazon molly) නමැති සුවිශේෂී මත්ස්‍ය විශේෂය වසර 100,000 ක් තිස්සේ පිරිමි සතුන් නොමැතිව ඉතා සාර්ථකව ජීවත් වන බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.

'ඇමසන් මොලි' ගේ අමුතු ජීවන ක්‍රමය

මෙම මත්ස්‍ය රංචුවල සිටින්නේ ගැහැණු සතුන් පමණි.

ඔවුන් බිත්තර මෝරවා ගැනීමට වෙනත් සමීප මත්ස්‍ය විශේෂවල පිරිමි සතුන්ගේ ශුක්‍රාණු ලබා ගනී.

නමුත්, එම පිරිමි සතාගේ ජාන තම පැටවුන්ට ලබා නොගන්නා අතර, ශුක්‍රාණුව භාවිතා කරන්නේ බිත්තරය උත්තේජනය කිරීමට ඒනම් පණ ගැන්වීමට පමණි.

මේ අතර, උපදින සියලුම පැටවුන් ගැහැණු සතුන් වන අතර, ඔවුන් මවගේම සර්වසම පිටපත් ලෙස සැලකේ.

ඇමසන් මොලි මෙතරම් කල් බේරී සිටියේ කෙසේද?

නව පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ මෙම මත්ස්‍යයාට ජාන නරක් වීම වැළැක්වීමට විශේෂ ක්‍රමයක් ඇති බවයි.

ජාන පරිවර්තනය (Gene Conversion) මෙය හරියට පරිගණකයක ඇති Copy-and-paste ක්‍රමයක් වැනිය. ඒනම්  ශරීරයේ ජානයකට හානියක් වූ විට, ශරීරය විසින්ම අනෙක් පැත්තේ ඇති හොඳ ජාන කොටසක් ගෙන හානි වූ කොටස අලුත්වැඩියා කරගනී.

මේ අතර, මෙම මත්ස්‍යයාගේ සිරුර වඩාත්ම භයානක විකෘතිතා සිදුවන ස්ථාන හඳුනාගෙන, මෙම "කොපි-පේස්ට්" ක්‍රමය මඟින් ඒවා නිතරම නිවැරදි කරගන්නා බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.

වසර 100,000 කට පෙර වෙනස් මත්ස්‍ය විශේෂ දෙකක් එකතු වීමෙන් මෙම විශේෂය බිහි වූ නිසා, උපතින්ම ඔවුන්ට ඉතා ශක්තිමත් සහ විවිධත්වයෙන් යුතු ජාන එකතුවක් ලැබී තිබුණි.

මෙහි ඇති වැදගත්කම

සොබාදහම විසින් ජාන නිරෝගීව තබා ගැනීමට ලිංගික ප්‍රජනනය හැරුණු විට වෙනත් සාර්ථක ක්‍රමද (ජාන ස්වයං-අලුත්වැඩියාව වැනි) භාවිතා කරන බව මෙයින් ඔප්පු වේ.