ඩොලරයේ විකුණුම් මිල රු. 336 ඉක්මවයි
June 2, 2026 11:34 am
අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්රී ලංකා රුපියල් 336 සීමාව ඉක්මවා ගොස් තිබේ.
මහ බැංකුව විසින් අද (02) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 326.75ක් ලෙස සටහන් වී ඇති අතර විකුණුම් මිල ලෙස රුපියල් 336.60ක් ලෙස සටහන් වී ඇත.
ඊයේ (01) ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව, අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 325.97ක් ලෙස සටහන් විය.
එමෙන්ම ඩොලරයක විකුණුම් මිල රුපියල් 335.70ක් ලෙස ප්රකාශයට පත් කර ඇත.
