පළමු මාස 6න් පසු ජල ගාස්තුවේ සංශෝධයක් සිදුවෙයිද ?

පළමු මාස 6න් පසු ජල ගාස්තුවේ සංශෝධයක් සිදුවෙයිද ?

June 2, 2026   12:45 pm

ජල ගාස්තු සංශෝධනයක් සිදුකරන්නේද නැතිද යන්න එළැඹෙන ජුනි 30 වැනි දින සමාලෝචනය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ස්ථීර සේවයට එක්වන කළමනාකාර සහකාර නිලධාරීන් සඳහා පත්වීමේ ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට අද (02) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වසරේ පළමු මාස 6 සඳහා ජල ගාස්තු සංශෝධනයක් නොකිරීමට පසුගිය 19 වැනිදා කැබිනට් තීරණයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වත්මන් ජල ගාස්තු මගින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බවද අනාවරණය කෙරුණි.

ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද යන්න පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ජල ගාස්තුව සඳහා විදුලි බිල වැඩිවීම යම් බලපෑමක් සිදුකරනු ඇති බවත් එය ඉතා අවම බලපෑමක් වන බවය.

කෙසේ නමුත් ජූනි 30 අවසන් සමාලෝචන තීරණය ප්‍රකාශයට පත්වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා එහිදී ජල ගාස්තුවේ සංශෝධනයක් සිදුවන්නේද නැතිද යන්න ප්‍රකාශයට පත් කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා,

"පළවෙනි මාස 6 වෙනකන් වතුර බිල වැඩිවෙන්නේ නෑ කියලා අපි තීන්දු අරගෙන තියෙන්නේ. ඊළඟ සමාලෝචනය තියෙන්නේ ජුනි 30. ජුනි 30 වෙනකොට ජනවාරි මාසයේ සිට ජුනි 30 දක්වා ජල පිරිපහදු කටයුතු සහ ජල සම්පාදන මණ්ඩලයේ කටයුතු සඳහා ගියපු වියදම් අපි හදන ක්‍රමවේදයක් තියෙනවා ඊට අනුව බලනවා. ඒකෙදි පසුගිය දවසක විදුලි බිල වැඩිවුණා විදුලි බිල වැඩිවීම තමයි යම් බලපෑමක් කරන්නේ. ඒක ඉතා අවම බලපෑමක් ජල බිලට. අපි ජුනි 30 බලමු සමාලෝචනයේදී මොකක්ද තත්ත්වය කියලා. මම හිතනවා ජල බිල වැඩි කරන්න අවශ්‍යතාවයක් නැතිවෙයි කියලා."