තල්පේ මුහුදේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර වෙරළට ගොඩ ගසයි

තල්පේ මුහුදේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර වෙරළට ගොඩ ගසයි

June 2, 2026   11:11 am

හබරාදුව, තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටියදී රළ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි 17හැවිරිදි තරුණයාගේ මළසිරුර අද (02) පෙරවරුවේ හබරාදූව මුහුදු වෙරළට ගොඩගසා තිබිය දී සොයා ගෙන ඇත.

ඉකුත් 31 වනදා තල්පේ මුහුදු තීරයේ පුද්ගලයින් සිව්දෙනෙකු දිය නාමින් සිටියදී මෙලෙස රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබුණි. 

එහිදී අනතුරට ලක්වූ තිදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් එක්ව බේරාගෙන ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ අතර මෙම තරුණයා මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව සිටියේය.

සිරුර සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමෙන් අනතුරුව, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබේ.