අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2,600 ඉක්මවයි

අධිකරණ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 2,600 ඉක්මවයි

May 30, 2026   02:25 pm

බඳවා ගැනීම් සිදු නොකිරීම හේතුවෙන් අධිකරණ ක්ෂේත්‍රයේ 2,600කට අධික පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අධිකරණ ක්ෂේත්‍රයේ 2018 වසරෙන් පසු බඳවාගැනීම් සිදු නොකිරීම හේතුවෙන් මේ වන විට පුරප්පාඩු 2,647ක් පවතින බවයි.

ඒ පිළිබඳ අවධානය යොමුකර ඇති විශය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අදාළ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.