සයුරෙන් එතෙර
මියන්මාර ජනාධිපති ඉන්දියාවේ සංචාරයක
May 30, 2026 04:01 pm
මියන්මාර ජනාධිපති ධුරයේ වැඩ භාරගැනීමෙන් පසු සිදුකරන පළමු විදේශ සංචාරය ලෙස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මැයි 30 සිට ජුනි 3 දක්වා එම නිල සංචාරය සිදු කෙරෙනු ඇති.
මෙම සංචාරයේදී මියන්මාර ජනාධිපතිවරයා ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි නුවරදී ජුනි 1 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
