දෙරණ 24 පැයේ මහා බත් දන්සලේ සූදානම
May 30, 2026 09:47 am
පැය 24ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (30) පැවැත්වෙයි.
මෙම මහා බත් දන්සල අද පස්වරු 7ට ආරම්භ වන අතර එය හෙට (31) පස්වරු 7 දක්වා ක්‍රියාත්මකය.
වෙසක් පොහොය නිමිත්තෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකාවේ ලොකුම දන්සල සංවිධාන කරන්නේ 2024 වසරේ සිටය.
පුරා පැය 24 ක් අඛණ්ඩව ක්‍රියාත්මක වන දෙරණ දන්සල පසුගිය වසර දෙකේදීම වෙසක් පුන් පොහෝ දිනවලදී අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී පැවතුණි.
එය මෙවර පැවැත්වෙන්නේ 3 වැනි වරටය.
පෙර වසර දෙකේදී වගේම මෙවරත් එය කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කර අවසන්.
ශ්‍රී ලංකා වෘත්තිය සූපවේදීන්ගේ සංගමය සහ කොළඹ මහනගර සභාව මේ වෙනුවෙන් ටීවී දෙරණ සමග අත්වැල් බැඳගෙන සිටී.
