විපක්ෂ නායකවරයාගේ වෙසක් දින පණිවුඩය

විපක්ෂ නායකවරයාගේ වෙසක් දින පණිවුඩය

May 30, 2026   06:51 am

මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය වෙසක් දින පණිවුඩය යොමුකරමින් ඔහු අවධාරණය කර සිටින්නේ, ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇති බවය.

විපක්ෂ නායකවරයාගේ වෙසක් දින පණිවුඩය,

මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයට අනුව මනුෂ්‍ය ජීවිතයක් ලැබීම අතිශය දුර්ලභ කරුණකි. ජාති, ආගම්, කුල වශයෙන් බෙදී සිටීම අර්ථ විරහිත බව බුදු රජාණන් වහන්සේ පෙන්වා දී ඇත. 

එබැවින් ධම්මපදයෙන් පෙන්වා දී ඇති පරිදි ‘තමන්ගේ පිහිට තමන්මය ඒ හැර අන් මගක් නොමැත’ යන මහා පාඩම මෙවර වෙසක් දිනයේ දී අපේ ජීවිතයට ළඟා කර ගැනීමට අප සියලු දෙනාම අදිටන් කර ගත යුතුය.

ශ්‍රී ලංකාවාසී ලෝවාසී ජනතාවට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යක් වේවා!!