මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේ ඩුබායි හිදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්මේ ඩුබායි හිදී අත්අඩංගුවට

May 26, 2026   04:18 pm

මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඇල්ටෝ ධර්මේ නැමැත්තාට රතු නිවේදනද නිකුත් කර තිබූ අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබේ.