හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු අද
May 26, 2026 07:22 am
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩු හතරක තීන්දු අද (26) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.
පසුගිය අප්‍රේල් 30වනදා මෙම නඩුවල තීන්දු කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් විනිසුරුවරයා එදින නිවේදනය කළේ මෙම නඩු වල තීන්දු ප්‍රකාශයට පත් කිරීම මැයි මස 26 වනදා සිදු කරන බවය.
2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම යටතේ වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩු හතර ගොනු කර තිබේ.
