දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන

දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන

May 22, 2026   08:11 am

Update - 9.00AM

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.

එම නිවේදනය අද (22) පෙරවරු 9.00 සිට හෙට (23) වන දින පෙරවරු 9.00 දක්වා වලංගු වන බව සඳහන්ය.

ඒ අනුව, තුන්වන මට්ටමේ “ඉවත්වන්න” (රතු) අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රදේශ සඳහාත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහාත් නිකුත් කර ඇත.

දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, බුලත්සිංහල, හොරණ සහ පාලින්දනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන සහ නිවිතිගල ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.

එමෙන්ම පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) අනතුරු ඇඟවීම් ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දිවුලපිටිය, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.

------------------------------------------------------------------

8:11 AM

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නායයාම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

එම නිවේදනය අද (22) පෙරවරු 6.00 සිට හෙට (23) වන දින පස්වරු 6.00 දක්වා වලංගු වන බව සඳහන්ය.

ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා තුන්වන මට්ටමේ “ඉවත්වන්න” (රතු) නායයාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

දෙවන මට්ටමේ “අවදානයෙන් සිටින්න” (ඇම්බර්) අනතුරු ඇඟවීම් කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කුරුවිට සහ අයගම ප්‍රදේශ සඳහා නිකුත් කර තිබේ.

එමෙන්ම පළමු මට්ටමේ “විමසිලිමත් වන්න” (කහ) අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, නිවිතිගල සහ කලවාන ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.