විදෙස්ගතවීම සඳහා කටුනායකට එන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

විදෙස්ගතවීම සඳහා කටුනායකට එන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

May 22, 2026   08:03 pm

අයහපත් කාලගුණික තත්ත්වය මත කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට මුහුණ පාමින් සිටින බැවින් ගුවන්තොටුපොළ වෙත පැමිණෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින නිසා ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට කටයුතු කරන ලෙසය.

ඒ සඳහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිත කරන ලෙසත් ගුවන්තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා දැනුම්දෙයි.

මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ නයිකන්ද ප්‍රදේශය ගංවතුරින් යටවී ඇති අතර කෝවින්න ප්‍රදේශය ද ගංවතුර ආපදා තත්ත්වයට ලක්වී තිබේ.