වික්ටෝරියා ජලාශයේ අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුරත් හමුවෙයි

වික්ටෝරියා ජලාශයේ අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුරත් හමුවෙයි

May 17, 2026   06:14 pm

වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුරද සොයාගැනීමට හැකිව තිබේ. ඒ සමග මෙම ඛේදවාචකයෙන් මියගිය තරුණයන් ගණන 3ක් දක්වා ඉහළ ගියේය.

තෙල්දෙණිය පොලිස් වසමේ, බඹරගල පන්සල අසළ ප්‍රදේශයෙන් තරුණයන් සිවුදෙනෙකු දිය නෑමට ගොස් සිටි අතර, ඉන් තිදෙනෙකුම දියේ ගිලී ජීවිතක්ෂයට පත්විය.

එක් තරුණයෙකු පමණක් දිවි බේරාගැනීමට හැකිවිය.

මෙලෙස දිය නෑමට ගොස් ඇතේතේ වයස අවුරුදු 18ත් - 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්ය.