වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු මරුට -  තරුණයෙකු අතුරුදන්

වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය තරුණයන් දෙදෙනෙකු මරුට - තරුණයෙකු අතුරුදන්

May 17, 2026   05:21 pm

තෙල්දෙණිය පොලිස් වසමේ, බඹරගල පන්සල අසළ ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණයින් සිව්දෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, ඒ අතරින් එක් තරුණයෙකු නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර තවත් තරුණයෙක් අතුරුදන්ව සිටින බවය. 

මෙලෙස දිය නෑමට ගොස් ඇතේතේ වයස අවුරුදු 18ත් - 21ත් අතර පසුවන මහනුවර, වැරැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.