දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩතහනම්

දිට්වා වන්දි මුදල් වංචා කළ ආපදා සහන සේවා නිලධාරීන්ගේ වැඩතහනම්

May 17, 2026   04:24 pm

මොනරාගල දිස්ත්‍රික්කයේ 'දිට්වා' වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව පැවසීය.

එමෙන්ම චෝදනා එල්ල වී ඇති ග්‍රාම නිලධාරියා ද පරීක්ෂණ කටයුතුවලට පහසුවීම සඳහා වෙනත් කොට්ඨාසයකට මාරුකර ඇත. 

මේ වනවිට එම සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතින බවද අදාළ නිවේදනයේ දැක්වේ.