'CASA 7s' රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

'CASA 7s' රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2026   05:46 pm

උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් නුවර පැවති මධ්‍යම හා දකුණු ආසියානු සත් සාමාජික (CASA 7s) රග්බි තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (17) පස්වරුවේ සමත් විය.

අවසන් මහා තරගයේදී අසල්වැසි ඉන්දීය කණ්ඩායම ලකුණු 31-10ක් ලෙස පහසුවෙන් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවිය.

තරගය ආරම්භයේ සිටිම ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශ්‍රී ලංකාව, පළමු අර්ධය අවසන් වනවිටත් ලකුණු ලකුණු 14-05ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

තරගාවලිය ආරම්භයේ සිටම විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව, අවසන් මහා තරගය දක්වා අපරාජිතව පැමිණ මෙම ජයග්‍රහණය අත්පත්කරගැනීම විශේෂත්වයක්ය.

මෙම තරගාවලිය සඳහා මධ්‍යම ආසියාව නියෝජනය කරමින් කසකස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය එක්ව ඇත.

එමෙන්ම දකුණු ආසියාව නියෝජනය කරමින්  ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය හා ශ්‍රී ලංකාව එක්ව සිටියි.