නායයෑමේ අවදානමක් නිසා කොත්මලේ ගම්පොළ ප්රධාන මාර්ගය තාවකාලිකව වැසේ
May 14, 2026 03:42 pm
කොත්මලේ ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොත්මලේ ගම්පොළ බී 431 ප්රධාන මාර්ගය අද (14) පෙරවරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලීසිය පවසා තිබේ.
ඒ, එම මාර්ගයේ මීට ප්රථම නායගිය පරගම්මන ප්රදේශයේ යළිත් මාර්ගය ඉරිතලා නායයෑමේ අවධානමක් පවතින නිසා බව සඳහන් වෙයි.
මේ අතර ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
