තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

May 14, 2026   01:58 pm

බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල් වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද(14) බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

කර්කස්වෝල් වතුයායේ ඉහළ කොටසේ ගසක බැද තිබූ බඹර කූඩුවක බඹර වදය උකුස්සෙකු පහර දී කඩාගෙන යෑමෙන් මෙලෙස බඹර ප්‍රහාරයට ලක් වූ බව තුවාලකරුවන් පවසා තිබේ.