ට්‍රම්ප් සමඟ චීනෙට ගිය අමෙරිකාවේ සුපිරි ව්‍යාපාරිකයෝ
May 14, 2026 01:23 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන සංචාරය සඳහා අමෙරිකාවේ ප්රමුඛ පෙළේ සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළත් ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වී සිටිති.
විශේෂයෙන්ම විද්‍යුත් මෝටර් රථ සහ තාක්ෂණික ක්ෂේත්රය වැනි අමෙරිකා - චීන ආර්ථික සබඳතාවල වඩාත් සංවේදී බලපෑම් ඇති කරන ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යාපාරික නායකයින් මීට ඇතුළත් වීම සුවිශේෂී වේ.
ධවල මන්දිරය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද, මෙම සංචාරයට සහභාගී වන ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
ඊලොන් මස්ක් (Tesla සහ SpaceX)
ටිම් කුක් (Apple)
ජෙන්සන් හුවාන්ග් (Nvidia)
ස්ටීවන් ෂෝර්ස්මන් (Blackstone)
කෙලී ඕර්ට්බර්ග් (Boeing)
බ්‍රයන් සයික්ස් (Cargill)
ජේන් ෆ්රේසර් (Citigroup)
හෙන්රි ලෝරන්ස් කල්ප් (GE Aerospace)
ඩේවිඩ් සොලමන් (Goldman Sachs)
ජේකොබ් තේසන් (Illumina)
මයිකල් මීබැක් (Mastercard)
සංජේ මෙහ්රොත්රා (Micron Technology)
ක්‍රිස්ටියානෝ අමොන් (Qualcomm)
රයන් මැක්ඉනර්නි (Visa)
දෙරට අතර පවතින ආර්ථික හා වෙළෙඳ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි ප්‍රධාන අරමුණක් වන අතර, දිනය අවසානයේදී තවත් ප්‍රධාන විධායක නිලධාරීන් පිරිසක් මෙම දූත පිරිස සමඟ එක්වීමට නියමිත බව වාර්තා වේ.
මෙම දැවැන්ත ව්‍යාපාරික නියෝජනය හරහා අමෙරිකාව චීනය සමඟ නව වෙළෙඳ ගනුදෙනු කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි විදෙස් පුවත් පවසයි.
