අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි

May 14, 2026   10:35 am

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකුව කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විර්මශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නිවෙස් බිඳ දේපල සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකුව ඊයේ (13)  කිලිනොච්චිය නගරයේදී කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 20 හා 25 වයස්වල පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මෙම සැකකරුවන් කිලිනොච්චිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ දිවා කාලයේ නිවෙස් බිඳ දේපල හා රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධ 10 කට පමණ අවශ්‍ය කර සිටි සැකකරුවන් වේ.

සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා දේපල පොලීසිය විසින් සොයාගෙන ඇති අතර මොවුන් විසින් උකස් මධ්‍යස්ථාන හා බැංකු වෙත උකස් කරන ලද ලක්ෂ 49 ක් පමණ වටිනා රන් භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස ලබා ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමට නියමිතව ඇත.

කිලිනොච්චිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.