ඉදිරි කාලගුණ තත්ත්වයන් පිළිබඳව දැනුම්වත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව - සජීව විකාශය
May 10, 2026 10:26 am
ඉදිරි කාලගුණය පිළිබඳව සහ ඉදිරියේදී ඇතිවිය හැකි කාලගුණ තත්ත්වයන් පිළිබඳව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මේ සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ජල විද්‍යා) චාමර යාපාආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ.
එහි සජීව විකාශය ඉහතින්,
