දිවයින අවට අඩු පීඩන කලාපයක් - වැස්ස ගැන අවවාදාත්මක නිවේදනයක්
May 9, 2026 07:26 pm
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය, මැයි මස 11 වෙනිදා පමණ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් එය ඉදිරි දින 07 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ සම්භාවිතාව ඉතා අඩු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව පළමු දින තුන තුළ එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය නොවනු ඇත.
පස්වන දිනයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ සම්භාවිතාව අඩුව වූවත් හය වන දිනයේදී එම සම්භාවිතාව සාමාන්‍ය අගයක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වෙතත් හත් වන දිනයේදී එම සම්භාවිතාව ඉහළ බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දක්වා තිබේ.
අද (09) දින ලබාගත් දත්ත මත මෙම කාලගුණ අනාවැකිකරණය සිදු කර ඇත.
මේ අතර දිවයිනට වඩා පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.
