
ස්පාඤ්ඤයේ ටොලෙඩෝ ප්රදේශයේ දී අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී අද (28) සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
මෙම මාරක අනතුරත් සමග මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා අතර දුම්රිය ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගෙන ඇත.
විදෙස් වාර්තාවන්ට අනුව අනතුරට ලක්වූ එක් දුම්රියක් මැඩ්රිඩ් සිට සෙවිල් බලා ගමන් කරමින් තිබී ඇත.
අනතුරත් සමග දුම්රිය මැදිරි දෙකක් පීලි පැන අසල වූ බැවුමකින් පහළට පෙරළී ගොස් ඇති අතර, ඉන් එක් මැදිරියකට දැඩි ලෙස හානි සිදුවී ගිනිගැනීමට ලක්ව තිබේ.
අනතුරින් තුවාල ලැබූවන්ගේ සංඛ්යාව ඉහළ යාම නිසා හදිසි වෛද්ය කණ්ඩායම් රැසක් සහ සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට ළඟා වී ඇත.
තුවාලකරුවන්ට අවශ්ය හදිසි ප්රතිකාර ලබාදීම සහ ඔවුන් රඳවා තැබීම සඳහා ආසන්නයේ පිහිටි ක්රීඩා ශාලාවක් සූදානම් කරන ලෙස හදිසි සේවා අංශ විසින් ප්රදේශයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මැඩ්රිඩ් සිට දකුණු දිග වෙරළ තීරය දක්වා මගීන් ප්රවාහනය කරන මෙම ප්රධාන දුම්රිය මාර්ගය, විශේෂයෙන්ම ගිම්හාන ඍතුවේදී ස්පාඤ්ඤය පුරා සංචාරය කරන බ්රිතාන්ය ජාතික සංචාරකයින් අතර බෙහෙවින් ජනප්රිය ගමනාන්තයක් ලෙස සැලකේ.



















































