header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
May 09, 202609:10 AM
පානීය ජල ගැටලු විසඳීමේ ව්‍යාපෘති කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්
Mobitel 1278

ජනතාවගේ ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇති පානීය ජල ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ව්‍යාපෘති කඩිනමින් හඳුනාගෙන ඒවා ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනතාවගේ වත්මන් අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් සැලසුම් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ජනතාවට ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් සහතික කිරීමට නොහැකි වීමෙන් ගැටලු රැසක් මතු වන බවද පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික පානීය ජල, ප්‍රජා ජලසම්පාදන සහ අපජල කළමනාකරණ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සහ අවශ්‍යතා මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට අදාළ නිලධාරීන් සමඟ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

අදාළ ව්‍යාපෘති කඩිනමින් හඳුනා ගනිමින් ඒවා ආරම්භ කළ හැකි දිනය, අවශ්‍ය ප්‍රතිපාදන සහ අවසන් කෙරෙන දිනය පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසද උපදෙස් දුන් ජනාධිපතිවරයා එහිදී කිසිසේත් මුදල් ගැටලුවක් කර නොගන්නා ලෙසත් ව්‍යාපෘති සැලසුම් කර අවශ්‍ය ප්‍රතිපාදන පිළිබඳ ඉල්ලීම් ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

එමෙන්ම, මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි විදේශ ණය පිළිබඳ බලා නොසිට හැකිතරම් දේශීය අරමුදල්වලින් ව්‍යාපෘති නිම කිරීමට අවධානය යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘති සැලසුම් කිරිම සඳහා කොන්ත්‍රාත් පදනම මත කාර්යමණ්ඩල බඳවා ගැනීමටද උපදෙස් දුන්නේය.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කරන මුදල් එම වසරේදීම අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එසේ නොමැති වූ විට ව්‍යාපෘති සඳහා අමතර වියදමක් දැරීමට සිදු වීම, වැය කරන මුදලෙහි ප්‍රතිලාභ අහිමි වීම සහ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඉදිරි වසරේද ප්‍රාග්ධන ප්‍රතිපාදන වෙන් කිරීමට සිදුවීම වැනි අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වන බවද පෙන්වා දුන්නේය.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මොනරාගල, මහනුවර, ගම්පොළ, අනුරාධපුර, වවුනියාව, යාපනය, අම්පාර, මඩකළපුව, පොළොන්නරුව ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීමට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති, එහි ප්‍රගතිය සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී වෙන් වෙන්ව විමසා බැලීය.

ප්‍රධාන ජල නළ අබලන් වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොලැබීමේ ගැටලු මතුව තිබෙන බවත්, එම ගැටලු මඟහරවා ගැනීමේ සැලසුම් පිළිබඳවත් මෙහිදී නිලධාරීන් කරුණු ඉදිරිපත් කළ අතර, එම කටයුතුවලදී මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජලසම්පාදන මණ්ඩලය මනා සම්බන්ධීකරණයකින් සහ සැලසුම් සහගතව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සහ පානීය ජල අවශ්‍යතාව සැපිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඔය ජලාශ ව්‍යාපෘතිය ලබන වසරේදී ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

උතුරුමැද මහ ඇළ සහ වයඹ ඇළ ව්‍යාපෘතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර වැලිකන්ද, මැදිරිගිරිය සහ ලංකාපුර ප්‍රදේශවල ජනතාව මුහුණ දී සිටින උග්‍ර පානීය ජල හිඟයට විසදුම් සෙවීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බලමින් වැඩි පිරිවැයක් දැරීමට සිදු නොවන ව්‍යාපෘති දේශීය අරමුදල් යොදා ගනිමින් කඩිනමින් අවසන් කිරීමටද උපදෙස් දුන්නේය.

අත්‍යවශ්‍ය ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දීම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති අතරමග නැවතුණද සියලු ව්‍යාපෘති ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ක්‍රියාත්මක කෙරෙන ඒවා බැවින් ඉතා සැලසුම් සහගතව සහ විධිමත්ව ක්‍රියාත්මක කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සුබසිංහ, අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලාන් කුමරන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ජෙගදීෂ්වරන් සහ එස්. තිලකනාදන්, මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කන්දසාමි ප්‍රභූ යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් එල්.බී. කුමුදුලාල්, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ඒ.එම්.පී.සී.පී බණ්ඩාර, ජල සම්පත් මණ්ඩලයේ සභාපති ආර්.එම්.එස්. බණ්ඩාර, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ. හේරත් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
VideoStories
මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

මෙරට පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනයේ සහාය

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

වරායට ආවත්, කඩවල නැති ගෑස්..“ අපිත් ඡන්දෙ දුන්නා.. දැන් ඉතින් විඳවනවා..”

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

අනවශ්‍ය කලබලයකින් තොරව TIN ගන්නැයි දැනුම්දීමක් - "පොරබදලා පොරබදලා TINඑක ගත්තා" | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

මාලිමා මන්ත්‍රී සමඟ ගංජා පැළ සිද්ධියට ගැටුණු පොලිස් කොස්තාපල් නඩුවෙන් මුදාහරී | Ada Derana

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

වැඩි වුණ තෙල් මිලෙන් රත්වුණ දේශපාලන වේදිකාව"බයික් එකේ එන්නේ..හෙට අනිද්දා වෙද්දී ෆුට් බයිසිකලේ එන්නේ"

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

"ජනාධිපතිවයි තුනෙන් දෙකයි ආරක්ෂා කරගැනීමේ පනතක් මේ එන්නේ"රජයේ අලුත් පනත් ගේන හේතුව කියන සජිත්..

 වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම...

 “පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

“පාරවල් වහගෙන හැමදේටම විරුද්ධ වුණ අය අද උද්ඝෝෂණ කරන අයිතියත් නැති කරලා”|

 2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

2027 අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප වැඩිවෙන හැටි“අපි ඇවිල්ලා 120,000ක් රාජ්‍ය සේවයට බඳවා ගත්තා...”

 සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

සුද්දෝ පැටවුන්ට සද්දේ දාපු උණවටුනේ අයියා පොලීසියෙන් කුදලන් ගිය හැටි...

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කඩවත පොලිස් වෙඩිල්ල...දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

කප්පරක් බලාපොරොත්තු ගෙනා කොප්පරා මාළුවා රු.ලක්ෂ 2 හමාරකට අලෙවි කරයි

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවුණු ඉන්ධන මිල ගැන බස් රියදුරන් කියන කතාව "බස්වලට තෙල් ගැහුවාට පස්සේ ඉතුරුවෙන දෙයක් නෑ"

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

වැඩිවූ ඉන්ධන මිල ගැන ජනතා මතය "මිල වැඩිවෙලා ගන්න දෙයක් නෑ අනේ.."

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

තාක්ෂණයේ විස්මිත රටා මැවූ ඩ්‍රෝන පියාසැරියෙන් චීන අහස හැඩවූ හැටි...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

 කඳුකර කොටි ඝාතනය ඉහළට

කඳුකර කොටි ඝාතනය ඉහළට

 පොලිස් කූඩුවට සිසීටීවී

පොලිස් කූඩුවට සිසීටීවී

 සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

සැකකරුවන්ට ගැහුවොත් වගකීම ඕ.අයි.සි ට

 වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

වසර 5කදී පොලිස් අත්අඩංගුවේ මරණ 79ක්

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

කොළඹ වරායේ නැ/ පර්යන්තය පෞද්ගලික සමාගමකට දෙන්න යනවා

 මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

මහින්දගෙන් අනීතික උසස්වීම් ලත් එස්.එස්.පී. ලා ධුරයෙන් පහත හෙළයි

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්