header logo
SLIC
සයුරෙන් එතෙර
Apple සමාගමෙන් ගෙවන්න යන වන්දිය
May 07, 202609:26 AM
Apple සමාගමෙන් ගෙවන්න යන වන්දිය
EDEX

Siri හඬ සහායකයා සඳහා කෘත්‍රිම බුද්ධි යාවත්කාලීන කිරීම් ලබා දීම ප්‍රමාද කිරීම හේතුවෙන් කොටස් හිමියන් විසින් පවරා තිබූ නඩුවක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 250 ක වන්දියක් ගෙවීමට Apple සමාගම එකඟ වී තිබේ.

2024 වසරේදී පීටර් ලෑන්ඩ්ෂෙෆ්ට් විසින් කැලිෆෝනියාවේ ෆෙඩරල් අධිකරණයක ගොනු කරන ලද මෙම නඩුවට පදනම් වූයේ, 2024 වාර්ෂික මෘදුකාංග සංවර්ධක සමුළුවේදී ඇපල් සමාගම විසින් පොරොන්දු වූ AI විශේෂාංග එදිනම නිකුත් වූ නව "iPhone" දුරකථනනය සමඟ ලබා දීමට අපොහොසත් වීමයි.

සමාගම එම විශේෂාංග පිළිබඳව විශාල වශයෙන් ප්‍රචාරණ කටයුතු සිදු කළ ද, දුරකථන වෙළෙඳපොළට නිකුත් කරන අවස්ථාවේදී එම විශේෂාංග ඇතුළත් වී නොතිබුණි.

මෙම ප්‍රමාදය හේතුවෙන් තමන්ට හානියක් සිදු වූ බව පැමිණිලිකරුවන් වන කොටස් හිමියන් පෙන්වා දී තිබේ. පසුව 2025 වසරේදී ඇපල් සමාගම ප්‍රකාශ කළේ සිරි Siri හි AI නවීකරණය මෙම වසර වන තෙක් සිදු නොවන බවය.

කෙසේ වෙතත්, ලබන මාසයේ පැවැත්වෙන වාර්ෂික සංවර්ධක සමුළුවේදී මෙම නව විශේෂාංග ප්‍රදර්ශනය කරන බව සමාගමේ විධායක නිලධාරීන් මේ වන විට තහවුරු කර ඇත.

මෙම බේරුම්කරණ එකඟතාවයේදී ඇපල් සමාගම තමන් අතින් වරදක් වූ බව පිළිගෙන නොමැති අතර, මෙම එකඟතාවය සඳහා තවමත් විනිසුරුවරයෙකුගේ අනුමැතිය අවශ්‍ය වේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇපල් සමාගම මෙසේ පවසා ඇත,

"අමතර විශේෂාංග දෙකක් ලබා දීමේ පමාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ හිමිකම් පෑම් විසඳා ගැනීමට ඇපල් සමාගම එකඟතාවකට පැමිණ තිබෙනවා. අප මෙම ගැටලුව විසඳා ගත්තේ අපගේ පරිශීලකයින්ට වඩාත් නව්‍ය නිෂ්පාදන සහ සේවා ලබා දීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීම සඳහායි."

2024 වසරේ 'Apple Intelligence' හඳුන්වා දුන් දා සිට තමන් තවත් බොහෝ AI විශේෂාංග රැසක් නිකුත් කර ඇති බව ද සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට