හිරු එළියට සමේ පිළිකා ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
May 6, 2026 05:09 pm
පෙරවරු 10ත් පස්වරු 4ත් අතර පවතින අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් පිළිකා වැළඳිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
කළුතර මහ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හසන්ති ජයලත් මහත්මිය ප්‍රකාශ කළේ එම තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සිරුර ආවරණය වන ඇඳුම් පැළඳුම් භාවිත කිරීම වැදගත් බවය.
