දිස්ත්‍රික්ක 17ක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

දිස්ත්‍රික්ක 17ක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් 

May 2, 2026   04:32 pm

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත් සහ කොළඹ, ගම්පහ සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගු තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 

ඒ අනුව හෙට (03) දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම 'අවධානය යොමු කළ යුතු' මට්ටමක පැවතිය හැකිය. 

මෙම කාලයේදී වැඩි වෙලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකිය.

තවදුරටත් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් විජලනය සහ ලවණ ඉවත්වීම හේතුවෙන් මස්පිඩු පෙරලීම සිදු විය හැකි බව සඳහන් වේ.