
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් රජයේ මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තමන්ට මේ දක්වා එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවය.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකර තිබේ.



















































