අත්බෝම්බයක් සහ පතරොම් සමග හිටපු යුද සෙබළා අත්අඩංගුවට
April 28, 2026 06:27 am
ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්රදේශයේදී ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් හා 09mm ජීව පතරොම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක් වන ඇටවීරගොල්ලෑව ප්රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකි.
ඇටවීරගොල්ලෑව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
