header logo
SLIC
සයුරෙන් එතෙර
ට්‍රම්ප් එක්ව සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි
Apr 26, 202609:18 AM
ට්‍රම්ප් එක්ව සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි
EDEX

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය මේ වන විට අනාවරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්කාලීන පොලිස් ප්‍රධානියා අනාවරණය කර ඇත්තේ සැකකරු හෝටලයේ ආගන්තුකයෙකු බවත්ය.

ඒ අනුව සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්‍රදේශවල පදිංචි 31 හැවිරිදි කෝල් තෝමස් ඇලන් නම් පුද්ගලයෙකු බවද මේ වන විට අනාවරණය වී ඇත.

සැකකරු දකුණු කැලිෆොනියාවේ ගුරුවරයෙකු සහ වීඩියෝ ක්‍රීඩා සංවර්ධකයෙකු ලෙස සේවය කර ඇතැයිද ඔහු උපකාරක සමාගමක අර්ධකාලීන ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

එමෙන්ම අදාළ උපකාරක සමාගමේ පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී මාසයේ ගුරුවරයා ලෙසද ඔහු නම් කර ඇති බවත් මේ වන විට විමර්ශනවලන් හෙළිව ඇත.

වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා පැවසුවේ සැකකරු මේ වන විට අසල රෝහලක පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන බවය.

මේ අතර අනාවරණය වනුවේ සැකකරු හෝටල් පරිශ්‍රයට තුවක්කු සහ පිහි කිහිපයක්ද රැගෙන ගොස් ඇති අතර වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව තිබේ.

මෙම සිද්ධියෙන් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමකදි පවසා ඇත්තේ උත්සවය සහභාගී වීමට පෙර තම කණ්ඩායම කිසිදු ආරක්ෂක තර්ජනයක් පිළිබඳව දැන නොසිටි බවය.

කෙසේ වෙතත් සැකකරු කණ්ඩායමක් නොව තනි පුද්ගලයෙකු බවත් ට්‍රම්ප් මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් වෙත පවසා තිබේ.

මේ අතර අමෙරිකානු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ඉක්මනින් චෝදනා ගොනු කරන බව එක්සත් ජනපද නීතිපති ටොඩ් බ්ලැන්ච් සඳහන් කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට