මුදල් වංචාකළ අයෙක් බැලුම්මහරේ දී කොටුවෙයි
April 26, 2026 07:14 am
ව්‍යාජ හැඳුනුම්පතක් හා ව්‍යාජ රියදුරු බලපත්‍රයක් භාවිතා කරමින් මූල්‍ය වංචා සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (25) රාත්‍රී, යක්කල පොලිස් වසමේ බැලුම්මහර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස ගම්පහ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර ඇති අයෙකු බවයි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යක්කල පොලීසිය විසින් සිදු කරනු ලබයි.
