හරි පීල්ලේ කොළඹ ගිය සාගරිකා යළිත් පීලි පනියි
April 25, 2026 06:51 pm
ඊයේ (24) දිනයේදී පිලී පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලි ගත කර යළි කොළඹ බලා පැමිණීමේදී කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී යළිත් පීලි පැනීමකට ලක්ව තිබේ.
අද පස්වරු 06.20ට පමණ මෙම පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිර වී ඇත.
ඒ අනුව කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු මේ වන විට සිදුකෙරෙන බවද වාර්තා වේ.
ඊයේ උදෑසන පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය පීලිගත කර යළි කොළඹ බලා ධාවනය කෙරී ඇති අතර එහිදී මෙම පිලී පැනීම සිදුව ඇත.
මේ අතර යළි පීලි පැනීමකට ලක්වූ සාගරිකා දුම්රිය නැවත පීලිගත කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයිද අවහිර වූ මුහුදුබඩ දුම්රිය මාර්ගය අද දිනයේම නැවත විවෘත කිරීමට හැකිවනු ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තු ප්රකාශකයෙකු සඳහන් කළේය.
