ජල නළයක් කැඩී සතියක් තිස්සේ ජලය අපතේ යයි

ජල නළයක් කැඩී සතියක් තිස්සේ ජලය අපතේ යයි

April 15, 2026   03:00 pm

මීගොඩ උඩගෙවත්ත පාර ප්‍රදේශයේ ජල නළයක් පුපුරා යාමෙන් සිදුවන ජල කාන්දුවක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් ජලය අපතේ යන බව ජනතාව පවසයි.

ලබුගම කලටුවාව ජලාශය මගින් ජලය බෙදාහරින ජල නළ මාර්ගයක එම කාන්දුව සිදුවන බව වාර්තා වෙයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ හේතුවෙන් ඇතැම් නිවාසවලට දින කිහිපයක සිට ජලය නොමැති බවය.