බලය ගන්න මාතර සමූපකාර රෝහල පොර පිටියක් කළ NPP සෙට් එක

බලය ගන්න මාතර සමූපකාර රෝහල පොර පිටියක් කළ NPP සෙට් එක

April 11, 2026   06:55 pm

මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට  ජාතික ජලබලවේගය පිරිසක් උත්සහ කිරීමත් සමඟ අද (11) පස්වරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඊට විරෝධය පල කරමින් එහි සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක් සිදු කළ බව ද සඳහන්ය.

මාතර සමුපකාර රෝහල් ආරෝග්‍ය ශාලා සමිතියේ සාමාජිකයින් බව බව කියන එම කණ්ඩායම රෝහල තුළට ඇතුළු වු අතර එහිදී රෝහල් කාර්ය මණ්ඩලය සමග ගූටි බැට හුවමාරුවක් ද සිදුවී තිබේ. 

එම ගැටුම අතරතුර  පහරකෑමට ලක්වු කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

වසා තබා ඇති මාතර සමුපකාර රෝහලේ සභාපතිවරයාගේ කාමරයට අදාළ කාර්යාලයේ ඉබි අගුළු කඩා විවෘත කිරීමට එම ආධාරකරුවන් පිරිස කිහිප විටක් උත්සාහ කර තිබේ.

පොලීසිය ඊට ඉඩ ලබා නොදුන් අතර එහිදී එම නිලධාරින් සමඟ ද ගැටුම්කාරී තත්වයක් මතු වූ අතර එහිදී පොලිස් නිලධාරින්ට ද පහරදී ඇති බවට තොරතුරු වාර්තා වෙයි. 

මාතර, සමුපකාර රෝහලේ පාලන බලය ඡන්දයකින් තොරව ලබා ගැනීමට ජාතික ජන බලවේගයේ කණ්ඩායම පසුගිය දෙවැනිදා සිට අවස්ථා කිහිපයකදී උත්සාහ කර තිබුණි. 

කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟ එම රෝහලේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.