header logo
SLIC
සයුරෙන් එතෙර
පාකිස්තාන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයකින් ඊශ්‍රායලය කුපිත වෙයි
Apr 10, 202602:39 PM
පාකිස්තාන ආරක්ෂක ඇමතිගේ ප්‍රකාශයකින් ඊශ්‍රායලය කුපිත වෙයි
EDEX

ඊශ්‍රායලය කලාපයේ පිළිකාවක් බවත්, දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක් බවත් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් 'X' සටහනක් තබමින් පවසා තිබේ.

ලෝකයේම අවධානය යොමුව තිබෙන අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා හෙට (11) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත්වීමට සූදානම් වන අතරවාරයේ ඔහු මේ බව පැවසීම සුවිශේෂීය.

"දුෂ්ට ඊශ්‍රායලය මනුෂ්‍යත්වයටම සාපයක්. ඉස්ලාමාබාද් නුවරදී සාම සාකච්ඡා පැවැත්වෙද්දී, ලෙබනනයේ සමූල ඝාතනයක් සිදුවෙනවා. අහිංසක සිවිල් වැසියන් ඊශ්‍රායලය අතින් මරුමුවට පත්වෙනවා.

මුලින්ම ගාසා තීරය, පසුව ඉරානය. දැන් ලෙබනනය. ලේ වැගිරීම්වල අඩුවක් නෑ. පිළිකාවක් බඳුයි මේ රාජ්‍යය. පලස්තීන භූමිය තුළ බිහිකළ යුරෝපීය යුදෙව්වන්, අපායේ ගින්නෙන් දැවී යනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා, යාච්ඥා කරනවා" යනුවෙන් ඔහු එහි සඳහන්කර තිබේ.

කෙසේ වෙතත් සාම සාකච්ඡා අබිමුව එහි මැදිහත්කාර පාර්ශ්වය මෙබඳු සටහනක් තැබීම ඊශ්‍රායලයේ දැඩි විරෝධයට ලක්ව ඇත.

යුදෙව් රාජ්‍යය පිළිකාවක් යැයි කළ යුදෙව් විරෝධී ප්‍රකාශය තුළින්, එය මුළුමනින්ම වැනසිය යුතු බවක් ගම්‍ය වන බවට ඊශ්‍රායලය චෝදනා කරයි.

ඊශ්‍රායල අගමැති කාර්යාලය මෙම ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් 'X' සටහනකින් දන්වා සිටියේ, මෙය කිසිදු රජයකින්, විශේෂයෙන් සාමය සඳහා මධ්‍යස්ථ බේරුම්කරුවෙකු යැයි කියා ගන්නා රජයකින් බලාපොරොත්තු නොවූ ප්‍රකාශයක් බවය.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ මෙම ප්‍රතිචාර 'X' සටහනෙන් පසු පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා සිය සටහන මකා දමා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට