ඩීසල් බැරල් 22ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
April 6, 2026 05:09 pm
කලමුණේ මාදවන් පාරේ ව්‍යාපාරිකයෙකු සතුව සඟවා තිබූ ඩීසල් ලිටර් 4620ක් සහිත බැරල් 22ක් කල්මුණේ මූලස්ථාන පොලීසිය විසින් අද(06) අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන් වෙයි.
මෙම ඩීසල් තොගයේ වටිනාකම රුපියල් 1,764,820ක් වන බව කල්මුණේ පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති අතර සැකකරු කල්මුණේ අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව සඳහන් වෙයි.
