ඝාතන නඩු තුනකට සිව්දෙනෙකු පෝරකයට

ඝාතන නඩු තුනකට සිව්දෙනෙකු පෝරකයට

April 2, 2026   05:46 pm

මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් දිගු කාලයක් විභාග වූ නඩු තුනකට අදාළව නුවරඑළිය මහාධිකරණය විසින් සැකකරුවන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

මෙම තීන්දුව විරාජ් විරසුරිය මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (02) ප්‍රකාශයට පත් කළ බව "අද දෙරණ" වාර්තාකරු පැවසීය.

1998 වසරේ නානුඔය පොලිස් වසමේ සිදු වූ ඝාතන සිද්ධියකට අදාළව 47 හැවිරිදි චූදිතයෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

එමෙන්ම 2009 වසරේ පට්ටිපොළ ප්‍රදේශයේ තම මව, බිරිඳ සහ දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ  55 හැවිරිදි පුද්ගලයෙකුටද මරණ දඬුවම නියම කර ඇත.

තවද, 1990 වසරේ බගවන්තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ 64 හැවිරිදි අයෙකුට සහ 62 හැවිරිදි අයෙකුට මරණ දඬුවම නියම කර තිබේ.